Home උණුසුම් පුවත් සිලෝන්-ටී ලෙස අපනයනය කරන්න හැදූ කසල තේ තොගයක් STF දැලේ

සිලෝන්-ටී ලෙස අපනයනය කරන්න හැදූ කසල තේ තොගයක් STF දැලේ

0
සිලෝන්-ටී ලෙස අපනයනය කරන්න හැදූ කසල තේ තොගයක් STF දැලේ

සිලෝන් ටී නාමයෙන් අපනයන කිරීමට සූදානමින් ප්‍රවාහනය කරමින් තිබුණේ යැයි සැකකරන කසල තේ පිරවූ ලොරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගම්පොල වෙලම්බඩදී ඊයේ (19) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අල්ලාගත් එම ලොරියේ කසල තේ කිලෝ 1890ක් තිබී ඇත.

එම ලොරිය සමඟ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 31 වියැති වෙලම්බඩ පදිංචිකරුවෙකි. විමර්ශන සඳහා ඔහුව වෙලම්බඩ පොලිස් ස්ථානයට භාරදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here