Home උණුසුම් පුවත් පක්ෂ නායකයෙක් අද හෙටම අත්අඩංගුවට

පක්ෂ නායකයෙක් අද හෙටම අත්අඩංගුවට

0
පක්ෂ නායකයෙක් අද හෙටම අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ඡාවාරමක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙක් වූ පුද්ගලයෙකුට තංගල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව පිළිගත් දේශපාලන පක්ෂයක නායකයෙක් පසුපස පොලීසිය පන්නන්නට පටන්ගෙන තිබේ.

එම දේශපාලන පක්ෂයේ මහා ලේකම් ලෙස කටයුතු කරනුයේද පක්ෂ නායකයාය. පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙසද ඔහු ඉදිරිපත්වී තිබුණි. එම පක්ෂය ඉකුත් මහා මැතිවරණයටද සිය අපේක්ෂකයන් ඉදිරිපත්කර තිබුණි. මේ වන විට එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

පොලිස් තොරතුරු සදහන් කරනු ලැබුවේ එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් මෙන්ම මහා මැතිවරණයේ අපේකෂකයෙක් වූ පුද්ගලයෙක්ව මේ වන විට තංගල්ලේ සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය. වෙඩික්කරුවන්ට පළායාමට පහසුකම් සපයා ඇත්තේ එම අපේක්ෂකයා බවට තොරතුරුද පොලීසිය සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here