Home උණුසුම් පුවත් මීගහතැන්න ඉන්ධන පිරවුම්හලේ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට වෙඩි තබයි

මීගහතැන්න ඉන්ධන පිරවුම්හලේ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට වෙඩි තබයි

0
මීගහතැන්න ඉන්ධන පිරවුම්හලේ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට වෙඩි තබයි

ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල රැදී සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් මීගහතැන්න ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදාවේ කෝප්‍රල්වරයෙක්ට පහරදී ගිනි අවිය පැහැර ගැනීමට උත්සහ දැරීමකදී එය පාලනය කිරීමට හමුදාව අහසට වෙඩි තබා ඇත.

අද රාත්‍රී කාලයේදී මෙම සිදුවීම වී ඇත්තේ බූලිවලට ඉන්ධන ලබා නොදීමක් හේතුකොටගෙනය.

කෝප්‍රල්වරයාට පහරදී ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගැනීමත් සමඟ 500කට වැඩි පිරිසක් ඉන්ධන පිරවුම්හල අසලට රැස්වී කළහාකාරීව හැසිරෙමින් ඉන්ධන පිරිවුම් හලට පහරදී ගිනි තැබීමට උත්සහයක් ගත් බවත් පොලීසිය කියයි. එහිදී අවම බලය යොදමින් අහසට වෙඩි තබා එම පිරිස විසුරුවා හැර තත්ත්වය පාලනය කිරීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here