පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස තිබූ දේශපාලන බලවේගය යැයි තමා අදහස් කළේ ජාත්‍යන්තර වහබ්වාදය ගැන අදහසින් අන්තර්ජාතික දේශපාලනික බලවේග පිළිබඳ මිස මෙරට දේශපාලන බලවේගයක් පිළිබඳ නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද අවධාරණය කරයි.
උන්වහන්සේ අප්‍රේල් 21 වන දින පැවැත්වෙන පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට අද (19) එක්වෙමින් මේ බව සඳහන් කළේය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට උන්හන්සේ මෙලෙස පිලිතුරු දුන්හ.
ප්‍රශ්නය – “ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශයක් කළා ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්න වෙර දරන පිරිසක් තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ කියලා ?”
කාදිනල් හිමි – “දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි කිව්වේ. ජාත්‍යන්තර වහබ්වාදය ගැන අදහසින් අන්තර්ජාතික දේශපාලනික බලවේග ගැන කිව්වේ. මේ රටේ දේශපාලන පක්ෂ ගැන කිව්වේ නැහැ,”