තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලියෝනි කොතලාවල දිවි රඟමඬලට සමුදෙයි

    ලියෝනි කොතලාවල දිවි රඟමඬලට සමුදෙයි

    ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය අද(19) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

    කලක් රෝගාතුරව සිටි ලියෝනි කොතලාවල මහත්මිය මිය යන විට ඇය 78වැනි වියේ පසු වූවා ය.

    17 හැවරිදි පාසල් සිසුවියක ලෙස රංගනයට පිවිසි ලියෝනි කොතලාවල පසු කලෙක වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවද වර්ණවත් කළාය.

    1962 වර්ෂයේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් සංවිධාන කළ නාට්‍ය තරගයකට G.D.L. පෙරේරා නිර්මාණය කළ ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඇය රංගනයට පිවිසියා ය.

    1966 සරසවි සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස නිර්දේශ වුණු ඇය, 1988 වසරේ OCIC සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය.

    ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ දී ලබන 22 පැවැත්වේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img