Home උණුසුම් පුවත් IMF කණ්ඩායමක් හෙට සිට දිවයිනට

IMF කණ්ඩායමක් හෙට සිට දිවයිනට

IMF කණ්ඩායමක් හෙට සිට දිවයිනට

ජාත්‍යන්තර අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් හෙට(20) සිට 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කිරීම ය.

මැයි 9 සිට මැයි 24 දක්වා කාලය තුළ සිදුකළ ඔන්ලයින් සාකච්ඡාවලදී ලබා ගත් ප්‍රගතිය මත පදනම්ව IMF ණය ලබා දීමේ වැඩපිළිවෙලක් මගින් ආධාර කළ හැකි ආර්ථික වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා දිගටම කරගෙන යන බව ද පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැපවීමෙන් කටයුතු කරන බව ද එම නිලධාරීන් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here