Home උණුසුම් පුවත් ඉන්ධන බෙදූ විදිය ගැන විශේෂ විගණනයක් ඇරඹේ

ඉන්ධන බෙදූ විදිය ගැන විශේෂ විගණනයක් ඇරඹේ

ඉන්ධන බෙදූ විදිය ගැන විශේෂ විගණනයක් ඇරඹේ

පසුගිය කාලයේ දිවයින පුරා ඉන්ධන බෙදා හැරිම පිළිබඳ විශේෂ විගණනයක් ආරම්භ කරන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රට පුරා සියලු ඉන්ධන පිරවුම් හල් වෙත සාධාරණ සහ විධිමත් ලෙස ඉන්ධන බෙදා නොහරින බවටත්, ඇතැම් ඉන්ධන හල් ආශ්‍රිතව ඉන්ධන බෙදා හැරීමේදි විවිධ අක්‍රමිකතා සිදුවන බවටත් විවධ පාර්ශවවලින් පැමිණිලි ඉදිරිපත්ව ඇති බවයි.

එබැවින් මෙම විගණනය සිදුකරන බව ඔහු සඳහන් කළේය.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදු කරන ඉන්ධන බෙදා හැරීම් පමණක් අදාළ විගණනයේදී ආවරණය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් මෙම විගණන ක්‍රියාවලියට ඉන්දියානු IOC සමාගම යටත් නොවන බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here