මුල් පිටුව උණුසුම් පුවත් මීගමුවේ සුපිරි හෝටලයට පහරදී දේපොල කොල්ලකෑ අයෙක් කෝටියක රන් හා මුදල් සමඟ...

මීගමුවේ සුපිරි හෝටලයට පහරදී දේපොල කොල්ලකෑ අයෙක් කෝටියක රන් හා මුදල් සමඟ කොටුවේ

0

මීගමුවේ ඇවන්රා ගාර්ඩන් හෝටලයට ඉකුත් 09 වෙනිදා රාත්‍රී කාලයේ පහරදී ගිනි තබා දේපොල කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයෙක් ලක්ෂ 70 ක් පමණ වටිනා රන් සහ රුපියල් ලක්ෂ 36ක මුදලක් සොයා ගැනීමට සමත්ව ඇත.

මෙම සැකකරු කොස්වත්ත කොට්ටාරම්මුල්ලේ ෆාතිමා පුර පදිංචිකරුවෙකි.

හෝටලයට පහරීමටද සම්බන්ධ සැකකරුවෙක් වන ඔහු හෝටලයේ සේප්පුවක් බිද ඒ තුළ තිබුණු රන් භාණ්ඩ සහ විදෙස් මුදල් තොගයක් සොරගෙන ගොස් තිබේ.

සොරාගත් මුදල් අතර තිබුණු අමෙරිකානු ඩොලර් 10,000ක් ඇතුළු මුදල් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හරහා මාරුකරගෙන ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. එසේ විදෙස් මුදල් මාරුකර ලබාගත් මුදල් වලින් රුපියල් ලක්ෂ 36ත් ඔහු සතුව තිබී සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.

සොරාගත් රන් භාණ්ඩ කුලියාපිටියේ ජුවලරියකට අලෙවිකර තිබේ. එම රන් භාණ්ඩ අලෙවි කිරීමට අතරමැදියෙක් ලෙස කටයුතු කළ පුද්ගලයාත් රන් භාණ්ඩ මිලදී ගත් ජුවලරි හිමිකරුත් අත්අඩංගුවට ගෙන ඇත.

ජුවලරි හිමිකරු එම රන් භාණ්ඩ උණුකර තිබී ඇති අතර පවුම් 40 ක් පමණ වන එම රන් කුටිටියද පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වනු ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version