
ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර මහතා අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
70 දශකයේදී පිබිදෙන ගායක පරපුර වැඩසටහනෙන් කලාවට පිවිසි ඔහු එදිරිවීර සරච්චන්ද්‍රයින්ගේ මනමේ, සිංහබාහු වැනි නාට්‍යවල ගීත ගායනා කර ඇත.
80 දශකයේ ලපලු ලතා මණ්ඩපය නමින් කැසට් පටයක් නිකුත් කළ ඔහු ආචාර්ය නන්දාමාලනී, මාලනී බුලත්සිංහල, චන්ද්‍රලේඛා පෙරේරා, නෙලූ අධිකාරී සමඟ යුග ගීත ගායනා කර ඇත.
කුවේණියනි මට සාප නොදෙනු මැන, ගිනිගත් හිරු මඬලක් යට, ලපලුලතා මණ්ඩයේ, බුද්ධ දිවාකරයානෝ, බැද්දේ ගම් මැද්දේ, නින්ද මා නෙතින්, හංසවිලේ හසඟන වී, කයිමන් දොරකඩ, කඳුළු පොදක්, කල්පනා මවා, නුඹ කූඩුව තුළ, පෙර භවයක නුඹ,තරු හඩාවැටෙන අහසේ, උන්මාදනීය ඔබෙ රුව ගැන.. ආදී යන ගීත ද ඔහු විසින් ගායනා කළ ගීත අතුර වේ.
මියයනවිට 70 හැවිරිදි වියේ පසුවූ ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර මහතාගේ දේහය අද (17)සවස 3.00 ට අනුරාධපුර සර්වෝදය අසල පිහිටි සහෝදර නිහාල් නානායක්කාර මහතාගේ නිවසේ මහජන ගෞරවය පිණිස තැන්පත් කෙරේ.
අවසන් කටයුතු හෙට (18) සවස 5.30 ට අනුරාධපුර – නිසල නිම්නය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.