
ෙඋණ්ඩියල් ක්‍රමයට ඉන්දියාවට මුදල් යැවීමේ ඡාවාරමක නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙක් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවට යැවීමට සූදානම්කර තිබුණු රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් තොගයක්ද ලක්ෂ 04කට අධික වටිනාකම් ඇති විදේශීය මුදල් නෝට්ටු රැසක්ද මෙම සැකකරුවන් සතුව තිබී විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.
මාළිගාවත්ත, මෝදර, කොටහේන, සහ අලුත්කඩේ යන ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දීර්ඝ කාලයක සිට මෙම ඡාවාරමේ නිරතව සිටින බවත් කෝටි ගණනක මුදලක් දෛනිකව උණ්ඩියල් කරන බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ.
මෙසේ ඔවුන් වැඩි වශයෙන් උණ්ඩියල් කරනුයේ කළු සල්ලිය. මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ මුදල් වැඩිපුර උණ්ඩියල් වන බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.