තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොහොට්ටුවේ ගැබිණි මන්ත්‍රීවරියට පහරදුන් එජාප මන්ත්‍රීවරියට ඇප

    පොහොට්ටුවේ ගැබිණි මන්ත්‍රීවරියට පහරදුන් එජාප මන්ත්‍රීවරියට ඇප

    මහරගම නගර සභා පරීශ්‍රයේදී ඉකුත් 15 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකට පහරදුන්නේ යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රවරියක අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මහරගම පොලීසිය ඇයව නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශාරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

    මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ ඉනෝකා මුණසිංහ (47) නම්වූ මන්ත්‍රීවරියයි. ඇය විසින් පහරදුන්නේ යැයි සදහන් වන්නේ රසිකා ගුණසිංහ (35) මන්ත්‍රීවරියටය. එම මන්ත්‍රීවරිය පස් මස් ගැබිණියක් බව මහරගම පොලීසිය සදහන් කරයි.

    අභාවප්‍රාප්තවූ මහරගම නගර සභාවේ උප නගරාධිපතිවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුවූ 15 වෙනිදා මෘත දේහය ගෞරවය සදහා නගර සභා පරීශ්‍රයට රැගෙන විත් තිබේ. එහිදී ඉහළ මහලේ සිට පහළ මහලට ගමන් කරමින් සිටියදී ඉනෝකා මුණසිංහ මන්ත්‍රීවරිය තමාව අතින් පහරදී තල්ලුකළ බව රසිකා ගුණසිංහ මන්ත්‍රීවරිය පොලීසියට පැමිණිලි කරමින් සදහන් කර ඇත.

    නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ අවසන් කටයුතු සිදුකළ සුසාන භුමියටද ගොස් ඇති මන්ත්‍රීවරිය රාාත්‍රී කාලයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව ඇත්තේ උදරයේ ඇතිවුණු රිදීමක් හේතුවෙනි. එහිදී ඇය නගර සභා පරීශ්‍රයේදී තරප්පුපෙලින් මන්ත්‍රීවරියක් තමාව තල්ලුකළ බව වෛද්‍යවරුන්ට පවසා ඇත. ඒ බව මහරගම පොලීසියටද ඇය විසින් පසුව පැමිණිල්ලක් කර තිබේ.

    පොහොට්ටුවේ ගැබිණි මන්ත්‍රීවරියට පහරදුන් බව කියන එජාප මන්ත්‍රීවරිය ඒ වන විට සිය පවුලේ සාමාජිකයන් සමග විනෝද චාරිකාවකයට ගොස් සිට ඇති බවත් ඇය අද ((19) දින පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය සදහන් කරයි.

    මෙම මන්ත්‍රීවරියන් දෙදෙනා අතර හටගෙන ඇති මෙම ගැටුමට මුල්වී ඇත්තේ මහරගම දූව වත්ත පාරේ කාණුවක් පිළිසකර කිරීමකි. එම කාණුව පිළිසකර කිරීමේදී මන්ත්‍රීවරියන් දෙදෙනා මත දෙකක සිට ඇති බවත් නගරාධිපතිවරයා රසිකා මන්ත්‍රීවරියගේ මතයට අනුව කාණුව පිළිසකර කරන ලෙස දැනුම් දී ඇති බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. රසිකා මන්ත්‍රීවරියව තරප්පුපෙලින් තල්ලු කර ඇත්තේද එම සිදුවීම මතක්කරමින් බව පොලීස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img