Home උණුසුම් පුවත් බිංගෙවල්වලට රිංගා තුරිත කැඳල කැඩූ 2ක් අල්ලයි

බිංගෙවල්වලට රිංගා තුරිත කැඳල කැඩූ 2ක් අල්ලයි

0
බිංගෙවල්වලට රිංගා තුරිත කැඳල කැඩූ 2ක් අල්ලයි

සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥාපනතට අනුව ආරක්ෂිත සත්ත්වයෙක් වන තුරිතයන්ගේ කූඩු කඩා අලෙවි කිරීමට සුදානමින් සිටි දෙදෙනෙක් බදුල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලෝකයේ මිල අධිකම සුප් වර්ගයක් සකස් කිරීමට යොදා ගන්නා තුරිත කූඩු තුරිතයන් විසින් සකස්කරනුයේ ඔවුන්ගේ ඛේටයෙනි. මෙරට වැඩි වශයෙන් මෙම කූඩු දැකිය හැකි වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ඇති බිංගෙවල් තුළය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කිලෝ තුනක් පමණ බරැති තුරිත කූඩු තිබී ඇත. මෙසේ තුරිත කූඩු කඩා දැමීමෙන් වර්ගයා බෝ කිරීමට නොහැකි වීමෙන් තුරිතයන් වදවීමේ තර්ජනයකට පවා මේ වන විට ලක්ව තිබෙන බව පරිසරවේදීන් සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බිංගොවල්වලට රිංගා ඉනිමං ඔස්සේ බිංගෙවල්වල ඉහළ ඇති කූඩු කඩා අලෙවි කිරීමට සූධානම්ව ඇත්තේ හෝටල් කිහිපයකට බවද අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් ඇල්ල සහ බදුල්ලේ පදංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here