
දෙදරු මවක් සිය පස් හැවරදි දරුවා කැලණි ගඟට දමා ඇයද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කර තිබේ.
මහ මඟ ගමන් කරමින් සිටි පිරිසක් විසින් ඇයව අල්ලා පොලීසියට භාරදීම නිසා ඇයට ගඟට පැන සිය දිවි හානිකර ගැනීමට ඉඩක් ලැබී නැත.
දරුවා දියේ ගිලී මියගොස් ඇති අතර ඇය පොලීසියට පවසා ඇත්තේ දරුවාට කන්න බොන්න දී ගත නොහැකි නිසා මෙවන් තීරණයක් ගැනීමට සිදුවූ බවය.
ඇගේ සැමියා කළකට පෙර මියගොස් ඇති අතර ඇගේ වැඩිමහල් දරුවා ඥාතියෙකුගේ රැකවරණය මත ජීවත්වත් වන බව වත්තල පොලීසිය සඳහන් කරයි.
ඇය මෙසේ සිය දරුවා කැලණි ගඟට විසිකර ඇත්තේ කදිරාන පාලම මතිනි.