Home උණුසුම් පුවත් ගමෙන් පන්සලට වෙනුවට පන්සලෙන් ගමට

ගමෙන් පන්සලට වෙනුවට පන්සලෙන් ගමට

0
ගමෙන් පන්සලට වෙනුවට පන්සලෙන් ගමට

ගමෙන් පන්සලට වෙනුවට පන්සලෙන් ගමට සේවය කරන විහාරස්ථාන අපේ රටේ ඇත්තේ අල්ප වශයෙනි. එම විහාරස්ථාන අතර බොරැල්ල ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථාන ඇත්තේ ඉදිරියෙනි.

ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථානය සුවිශේෂී වන්නේ අධිනාගරික මධ්‍යම පාන්තික ජනතාවක් මෙන්ම අධි ජනඝනත්වයක් ඇති බොරැල්ලේ ඇති ප්‍රධාන විහාරස්ථානයක් වන මෙම විහාරස්ථානයේ නිර්මාතෘ පිටිදූවේ ධම්මික හිමියන් මෙන්ම වත්මන් විහාරාධිපති රන්සෑගොඩ සුදර්ශන හිමියෝද ගමෙන් පන්සලට තේමාවෙන් ප්‍රජා සත්කාර රැසක් ඉටුකරමින් ඇති බැවිනි.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් විහාරාධිපති රන්සෑගොඩ සුදර්ශන හිමියෝ විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ගමෙන් පන්සලට දායකත්වය ලබාදෙන්නේ පොසොන් පොහෝ දින විහාරස්ථාන භූමියේ පැය 24 පුරා ක්‍රියාත්මක වූ බත් දන්සලක් ගමේ ජනතාව වෙනුවෙන් විවර කරමිනි. කිසිදු ආගම් ජාති බේදයකින් තොරව විහාරස්ථානයට පැමිණි දහස් ගණනින් ජනතාව පන්සලේ බත්පතේ රසවින්දේ සාම්ප්‍රදායී දන්සලකින් මෙන් නොව, තරුපන්තියේ හෝටලයක බත්පතක රස විදිමිනි.

මෙදින ගමේ ගැබිනි මව්වරු 100 දෙනෙකුට විශේෂයෙන් පෝෂ්‍යදායී ආහාර වෙලකින් සංග්‍රහ කරමින් උන්වහන්සේ එම මව්වරුන්ට වියලි ආහාර මලුද පරිත්‍යාග කරනු ලැබුුවේ ගම හා පන්සල අතර සබැදියාව ශක්තිමත් කරමිනි.

මේ සඳහා විහාරාධිපති හිමියන් ගුරුවරයෙක් ලෙස උපයාගත් සිය පුද්ගලික ධනය මෙන්ම අමෙරිකාවේ වෙසෙන සිය හිතවත් භික්ෂූන් වහන්සේ සහ දායක පිංවතුන්ගේ සහය ලැබී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here