ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාලව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසට සහ විනය පරීක්ෂණයක් පවත්වන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ මෙයට මාසයකට පෙරය.
එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාව අධිකරණය හමුවට කැදවා නිදහසට කරුණු විමසනු ලැබීය.
එහිදී පොලිස්පතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ස්ථාන මාරු කිරීමේ බලයක් තමාට නොමැතිබවය. එම බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂමට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට බවය. නීතිපති උපදෙස තමන් ඔවුන් වෙත යොමු කළ බවද එහිදී සදහන් විය.
රාජ්‍ය සේවා කොමිෂමද දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථාමාරු කිරීමට අදාලව නිර්දේශ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලබාදී තිබුණේ නැත.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ස්ථානමාරුව සහ විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම ගැන අද අධිකරණයේදී කතාබහට ලක්වීමත් සමග එය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අධිකරණයට කැදවමින් නියෝගයක් නිකුත් කර තිබේ.