Home උණුසුම් පුවත් දකුණු ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමේ අවදානමක්

දකුණු ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමේ අවදානමක්

0
දකුණු ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු  සීමාවට ඇතුළු වීමේ අවදානමක්

දකුණු ඉන්දියානු ධීවර යාත්‍රාවලට මුහුදු යාමට පනවා තිබුණු තහනම අද(15) දිනෙන් අවසන් වන බැවින් ඉදිරියේදී දකුණු ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට උතුරු මුහුදු සීමාවට ඇතුළු වීමෙ අවධානමක් ඇතැයි යාපනයේ ධීවරයින් සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දකුණු ඉන්දියානු ධීවරයන්ට මෙම තහනම පනවා තිබුණේ ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවටද ඇතුළු වීම ද තහනම් කරමින් බව යාපනයේ ධීවරයින් සඳහන් කරති.

මේ වන විට ඩීසල් හා භූමිතෙල් අර්බුදය හේතුවෙන් මෙරට ධීවරයින් මුහුදුයාම සීමාකර ඇති අවස්ථාවක දකුණු ඉන්දියානු ධීවරයින් මෙරට මත්ස්‍ය සම්පත වෙනදාට වඩා පහසුවෙන් කොල්ලකාගෙන යනු ඇතැයි ධීවරයින් සැක පළ කරති.

මේ සම්බන්ධයෙන් උතුරේ ධීවර සමිති නායකයින් උතුරේ ආරක්ෂක අංශ සහ යාපනයේ පිහියි ඉන්දියානු කොන්සල් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here