
වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළදුන් සහ සිල්ලර වෙළදුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතතේ 2022 අයවැය මගින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් හඳුන්වා දීමට රජය තීරණය කළේය.
ඊට අදාලව නීති කෙටුම්පත් සම්පාදකයන් විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිශ්කාශන ලැබී ඇති බැවින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් හා ආර්ථික ස්ථායිකරන අමාත්‍යවරයා ලෙස කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිව ඇත.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.
2022 අයවැය යෝජනා මඟින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.
ඒ අනුව, වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් සඳහා 2.5%ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීමට තීරණය කර ඇත.
ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.