
ගාල්ල උඩුගම මාර්ගයේ කොට්ටව රක්ෂිතය මැදින් ගමන් කරමින් තිබුණු ත්‍රීරෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි එකම පවුලේ මව පියා සහ පුතුන් දෙදෙනා තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇත.
මෙම අනතුර ඊයේ සවස සිදුව තිබේ. කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පියාව නිවස වෙත රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.
වසර 200ක් පමණ පැරණි රක්ෂිතයේ තිබුණු විශාල මොර ගසක් වෙනත් ගසක් මතට වැටී ඇති බවත් එම ගසේ විශාල අත්තක් ත්‍රීරෝද රථය මතට වැටී ඇති බවත් යක්කලමුල්ල පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුර සිදුවන විට වැසි තත්ත්වයක් හෝ දැඩි සුළං තත්ත්වයක් එම ප්‍රදේශයේ තිබී නැති බවද පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ දරුවන් පුතුන් දෙදෙනාගෙන් අයෙක් ගුවන් හමුදාවේ සේවය කරන අයෙකි. අනිත් පුතා පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂකයෙකි.
මෙම අනතුර සිදුවන විට ත්‍රීරෝද රථය පදවා ඇත්තේ උපාධි අපේක්ෂක පුතාය. එම පුතාත් මවත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.
පිය 58 වන වියේ ද මව 56වන වියේද පසුවන අතර දරුවන් දෙදෙනා 30 හා 26 වන වියේ පසුවේ. ඔවුන් හිනිඳුම පදිංචිකරුවන්ය.