Home උණුසුම් පුවත් වරායේ සිරවූ ඇපල් කන්ටේනරයක් සත්තු වත්තට

වරායේ සිරවූ ඇපල් කන්ටේනරයක් සත්තු වත්තට

0
වරායේ සිරවූ ඇපල් කන්ටේනරයක් සත්තු වත්තට

දෙහිවල සත්ත්වෝද්‍යානයේ රදවා සිටින සතුන්ගේ ආහාර හිඟයට පිළියමක් ලෙස කොළඹ වරායෙන් මාස කිහිපයක් තිස්සේ මුදා නොගත් ඇපල් කන්ටේනරයක් අද ලබාදී තිබේ.

ඉකුත් පෙබරවාරියේ එම ඇපල් කන්ටේනරය මෙරටට ආනයනයකර ඇත්තේ චීනයෙනි. එහි ඇති ඇපල් තොගයේ බර කිලෝ 24,000ක් බව බව වරාය අධිකාරිය සඳහන් කරයි. රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති එම ඇපල් කන්ටේනරය තුළ ඇපල් ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇතැයි ගණනය කර ඇත.

එම ඇපල් කන්ටේනරය එහි හිමිකරු විසින් නිදහස් කර නොගෙන වරායේ රදවා තිබීම හේතුවෙන් මෙසේ දෙහිවල සත්ත්වෝද්‍යානයට එම ඇපල් තොගය ලබාදීමට පියවර ගෙන ඇත්තේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here