
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන් ළඟදීම කොළඹට පැමිණ මෙරට ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සහය වීමට පුද්ගලිකවම හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
IMF හි ප්‍රකාශක ගෙරී රයිස් පැවසුවේ ඉදිරි සතිවලදී එය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය දක්වන වැඩපිළිවෙල පිළිබඳ ප්‍රතිපත්තිමය සාකච්ඡාවල නිරත වීමට එහිදී අපේක්ෂිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බව ද ගෙරී රයිස් අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය, ණය ගෙවීම් ගැටලු, එහි බලපැමෙන් ඇතිවන මානුෂීය තත්ත්වයන් පිළිබඳ තම අරමුදල ඉතා අවධානයෙන් සහ සමීපව අධීක්ෂණය කරමින් සිටින බවත් හෙතෙම කීය.
We commit to supporting #SriLanka at this difficult time, in line with the IMF’s policies. We are planning an in-person mission to Colombo in the coming weeks to engage on policy discussions on the IMF-supported program. pic.twitter.com/xOhAv5jsmQ
— Gerry Rice (@IMFSpokesperson) June 9, 2022