තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජුවලරිවලට කඩා වැදී රන් භාණ්ඩ සොරාගත් අයි.ආර්.සී. අම්මයි දුවල දෙන්නයි අල්ලයි

    ජුවලරිවලට කඩා වැදී රන් භාණ්ඩ සොරාගත් අයි.ආර්.සී. අම්මයි දුවල දෙන්නයි අල්ලයි

    රටපුරා සැරිසරමින් ගණුදෙනුකරුවන් ලෙස රන් භාණ්ඩ අලෙවිසැල්වලට ඇතුළු වී රන් භාණ්ඩ සොරාගැනීම්වල නිරතව සිටි සංවිධානාත්මක කල්ලියක සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසියේ නිලධාරීන් සමත්ව ඇත.

    ඒ යාපනයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි ස්ථානයකින් රුපිියල් විසි එක් ලක්ෂ පහලොස් දහසක රන් භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිණි. එම සොරකම සිදුව ඇත්තේ ඉකුත් මැයි 30 වෙනිදාය.

    අතත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් තිදෙනෙක්ද පිරිමියෙක්ද සිටින බව යාපනය පොලීසිය සඳහන් කරයි. මෙම කල්ලියට නායකත්වය දී ඇත්තේ කාන්තාවකි. අත්අඩංගුවටගත් කාන්තාවන් වයස අවුරුදු 26,32 හා 48 යන වයස්වල පසුවන්නන්ය. ඔවුන් තිදෙනාම බලපිටියේ පදිංචිකාරියන්ය. පිරිමි පුද්ගලයා 50 වන වියේ පසුවන බණ්ඩාරගම අටලුගම පදිංචිකරුවෙකි

    සැකකාරියන් තිදෙනා එකම පවුලේ මවක් සහ දියණියන් දෙදෙනෙකි. බණ්ඩාරගමින් අත්අඩංගුවවට ගත් පුද්ගලයා මෙම කාන්තාවන් විසින් සොරා ගන්නා රන් භාණ්ඩ මිලදී ගෙන වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමට මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කරන්නෙකි.

    මෙම කල්ලියේ නායිකාව වන 48 වන වියේ පසුවන මව දිවයිනේ ලියාපදිංචි අපරාධකාරියක් බව හදුනාගෙන තිබේ. ඇය නම් කිහිපයකින් පෙනී සිටින තැනැත්තියක් බව පොලීසදිය සඳහන් කරයි. ඇයට හම්බන්තොට, දෙහිවල, මොරටුව යන පොලිස් වසම්වල ලිපිනයක් ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    යාපනයේ රන් භාණ්ඩ අලෙවි සැලෙන් මොවුන් සොරාගත් රන් භාණ්ඩ අලෙවිකර මිලදී ගත් බව කියන ශීතකරණයක්, අල්මාරියක්, විදුලි පංකාවක්, ටී.වී.ස්ටෑන්ඩ් එකක්, ඇඳන් 02ක්, මෙට්ටයක්, මඳුරු දැලක් සහ රුපියල් 320,000ක මුදලක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    මෙම මවත් දියණියන් දෙදෙනාත් යාපනයේ තවත් රන් භාණ්ඩ අලෙවි ස්ථාන කිහිපයකට ගොස් මුදු මාල ඇතුළු රන් භාණ්ඩ සොරාගෙන ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඇතැම් පැමිණිලි මෙම පිරිස අත්අඩංගුවට ගන්නා තුරුම පොලීසියට ලැබී තිබීද නැත.

    මොවුන් සිව් දෙනා යාපනය අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img