Home දේශීය පුවත් සහල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ – ඇමති මහින්ද අමරවීර

සහල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ – ඇමති මහින්ද අමරවීර

සහල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ – ඇමති මහින්ද අමරවීර

රට තුළ සහල් හිඟයක් ඇතිවන බවට අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සියයට 50ක් කුඹුරු වගා කිරීමෙන් ඉදිරියේ සහල් හිඟයක් ඇතිවන බවට ගෙනයන ප්‍රචාරය සත්‍යයෙන් තොර බව කී අමාත්‍යවරයා දෙසැම්බර් අවසන් සතිය වනතුරු අවශ්‍ය සහල් දැනටමත් රට තුළ ඇතැයි කියා සිටියේය.

සහල් මෙට්‍රික් ටොන් 350000ක් ආනයනය කර ඇතැයි කී අමාත්‍යවරයා තවත් මෙට්‍රික් ටොන් 400000ක් පමණ ආනයනය කිරීමට සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ආහාර ප්‍රශ්නය ඇත්තේ මිල වැඩිවීම තුළ බව කී අමාත්‍යවරයා, කුමන හෝ දෙයක් වගා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා බව කියා සිටියේය.

සහල් හිඟයක් ඇතිවේයැයි ඇත්ත කීමට කලින් කීමට හැකිවීම නිසා බොහෝ ගොවියන් කුඹුරට බැස්ස බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ජනතාව කලින් දැනුවත් කිරීම හොඳ පැත්තට ගැනීම සතුටුවන බව කීවේය.

හාල් හංගගෙන ඉන්න එපා. ඒවා ගුල්ලො ගහනවා. සහල් ආනයනය කරන්නත් තීන්දු කළා. ඒ වගේම වී අලෙවි මණ්ඩලයෙ තියෙන සහල් බෙදා හැරීමටත් තීන්දු කළා. ඒ අනුව රුපියල් 200ට අඩුවෙන් සහල් කිලෝවක් ජනතාවට දෙන්න අප කටයුතු කරනවා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here