
ජංගම දුරකතන සොරකමක් සම්බන්ධයෙන් විමසීමට ගිය පියෙක් සහ පුතුන් දෙදෙනෙකුට පහරදී පියාව ඝාතනය කිරීමක් රාගම කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ සිදුව ඇත.
මෙම ඝාතනය ඊයේ රාත්‍රී කාලයේ සිදුව තිබේ. පුතුන් දෙදෙනාද තුවාල ලබා රාගම රෝහලට ඇතුලත්කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 55ක් වන කැන්දලියද්දපාලුවේම පදිංචිකරුවෙකි. ඔහු මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ අයෙක් බව පොලිස් විමර්ශන වලින් තොරතුරු ලැබී ඇත.
මෙම පුද්ගලයා තමාගේ ජංගම දුරකතනය අතුරුදන්ව ඇති අතර ඒ ගැන සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ අසල්වාසී පුද්ගලයෙක් එය සොරාගෙන ගොස් ඇති බවය.
ඒ අනුව එම පුද්ගලයා තමාගේ පුතුන් දෙදෙනා සමග සැකයට ලක්වුණු පුද්ගලයාගේ නිවසට ගොස් ජංගම දුරකතනය ඉල්ලා ගැටුමක් ඇතිකරගෙන තිබේ. එහිදී සැකයට ලක්වුණු පුද්ගලයා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ඇත. එහිදී සැකයට ලක්වුණු පුද්ගලයාද ප්‍රතිප්‍රහාර එල්ලකර ඇති අතර පියා මිය ගොස් පුතුන් දෙදෙනා තුවාල ලබා ඇත්තේ එහිදීය.
සැකකරුද පළාගොස් සැගව සිට ඇති අතර අද අළුයම් කාලයේදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලබාසිටි ඔහුව රාගම රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී මිය ගිය පුද්ගලයාගේ පාර්ශවයේ පිරිස් පැමිණ රෝහල තුළදී සැකකරුගේ ජීවිතයට තර්ජනයක් ඇතිවන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණු බව පොලීසිය සදහන් කළේය. මේ වන විට ඔහුට විශේෂ ආරක්ෂාවක්ද රෝහල තුළ සපයා තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.