Home උණුසුම් පුවත් දවස් 5ක් තිස්සේ අල්ලන්න බැරිව සිටි මන්‍ත්‍ර්‍රී පුතයි ලේලියි පොලීසියට භාරවෙයි

දවස් 5ක් තිස්සේ අල්ලන්න බැරිව සිටි මන්‍ත්‍ර්‍රී පුතයි ලේලියි පොලීසියට භාරවෙයි

දවස් 5ක් තිස්සේ අල්ලන්න බැරිව සිටි මන්‍ත්‍ර්‍රී පුතයි ලේලියි පොලීසියට භාරවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම පිවිසුමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් අසභ්‍යවචනවලින් වැනවැදී පළාගොස් දින 05ක් තිස්සේ සැඟවී සිටි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ලේලි වීරකැටිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතීඥ සහය ඇතිව රාත්‍රී 8.30 ට පමණ ඔවුන් දෙදෙනා වීරකැටිය පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

දිලිප් වෙදආරච්චි මහතාගේ පුත් රවිඳු වෙදආරච්චි මහතා මුලින්ම නීතීඥ සහය ඇතිව පොලිස් ස්ථානයට පැමිණ භාරවී ඇති බවත් ඊට පසුව ඔහුගේ බිරිඳ පොලිස් ස්ථානයට පැමිණ භාරවූ බවත් එම නිලධාරියා කීය.

මොවුන් දෙදෙනා ඉකුත් දින කිහිපය තුළ ආරක්ෂාව සඳහා ස්ථාන දෙකක රැදී සිට ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනී යන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙට (07) ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here