Home උණුසුම් පුවත් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන්නාට ඇල්ලූ හිටපු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් රක්ෂිතයට

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන්නාට ඇල්ලූ හිටපු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් රක්ෂිතයට

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන්නාට ඇල්ලූ හිටපු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් රක්ෂිතයට

ගලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සම්බන්ධීකරණ ලේකම්වරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත. එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඔහුව ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල ඇන්නපිටිය පාරේ පදිංචිකරුවෙක් වන සැකකාර හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා 53වන වියේ පසුවන්නෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here