තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝදරත් වෙඩි තැබීමක් - මත්කුඩු ඡාවාරම්කරුවෙක් මරුට

    මෝදරත් වෙඩි තැබීමක් – මත්කුඩු ඡාවාරම්කරුවෙක් මරුට

    කොළඹ මෝදර අලුත් මාවතේදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් අද සවස එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබේ.

    විනෝදන් නැමැති මත්කුඩු ඡාවාරමේ නිරතව සිටින පුද්ගලයෙක් මෙසේ ඝාතනය වී ඇතැයි පොලීසිය කියයි.

    මෙම ඝාතනයේ සැකය එල්ලවී ඇත්තේ කට් රිස්වාන් නැමැති එම ප්‍රදේශයේම මත්කුඩු අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටින පුද්ලයෙක් වෙතය. එම පුද්ගලයා මහා පරිමාණයෙන් මත්කුඩු ඡාවාරම මෙහෙයවන අයෙක් බව සඳහන්ය. ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගෙන් මත්කුඩු ලබානොගෙන පිටස්තර ඡාවාරම්කරුවන්ගෙන් මත්කුඩු ලබාගෙන අලෙවි කිරීමක් මෙම ඝාතනයට මුල්වී ඇතැයි බැලූ බැල්මට පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    එහෙත් ඉකුත් දින කිහිපය තුළ සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතන සිදුවූයේ මත්කුඩු ඡාවාරමේ නිරතව සිටිමින් පොලීසියට ඔත්තු ලබාදුන් පුද්ගලයින් ඉලක්කරගෙන බැවින් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන්ද ගැඹුරින් විමර්ශනයක් කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

    ඝාතනය වූ පුද්ගලයාගේ මත්කුඩු ඡාවාරම සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලීසියට තොරතුරු ලැබී ඇති බවත් කෙටි දුරකතන අංක ඔස්සේ වැඩිම තොරතුරු ගණනාවක් ලැබී තිබෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඝාතනය වූ මෙම මත්කුඩු ඡාවාරම්කරු අවුරුදු 22ක තරුණයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img