තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන තානාපති අනුර හමුවෙන්න ගිහින්

    චීන තානාපති අනුර හමුවෙන්න ගිහින්

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් සිදුවී තිබේ.

    ඒ අද (02) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

    රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත.

    එමෙන්ම පක්ෂ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ද චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරිහු දෙදෙනෙක්ද එක්වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img