Home උණුසුම් පුවත් ත්‍රීරෝද රථ අනතුරින් උප පොලිස් පරීක්ෂක මරුට

ත්‍රීරෝද රථ අනතුරින් උප පොලිස් පරීක්ෂක මරුට

ත්‍රීරෝද රථ අනතුරින් උප පොලිස් පරීක්ෂක මරුට

රත්නපුර පැල්වාඩියේදී මාර්ගයේ ගමන් කරමින් තිබුණු ත්‍රීරෝද රථයක් පෙරලී ලොරි රථයක ගැටීමෙන් සිදුවුණු රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබේ.

ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇති ත්‍රීරෝද රථ රියදුරු පැල්මඩුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකි. පනස් හය වන වියේ පසුවූ ඔහු රත්නපුර මරපානේ පදිංචිකරුවෙකි.

රාජකාරි නිමකොට පැල්මඩුල්ලේ සිට සිය නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ රත්නපුර මාර්ගයේදීය.

ත්‍රීරෝද රථය පැදවූ උප පොලිස් පරීක්ෂක වරයාට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here