Home විදේශීය පුවත් GOSSIP සජීවී ප්‍රසංගයකට ගිය ‍බොලිවුඩයේ සුපිරි ගායකයා මියයයි

සජීවී ප්‍රසංගයකට ගිය ‍බොලිවුඩයේ සුපිරි ගායකයා මියයයි

සජීවී ප්‍රසංගයකට ගිය ‍බොලිවුඩයේ සුපිරි ගායකයා මියයයි

පසුගිය දශක තුනක කාලය තුළ ඉන්දියානු සංගීත ලෝලීන් අතර ‘ආදරයේ හඬ’ බවට පත්ව සිටි  බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් KK ඊයේ රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් පසු මියගොස් තිබේ.

53 හැවිරිදි KK, නස්රුල් මන්චාහි ප්‍රසංගයකදී පැයකට ආසන්න කාලයක් ගීත ගායනයේ යෙදී සිට  නවාතැන්ගෙන සිටි හෝටලයට පැමිණ අසනීප වූ බව නිලධාරීහු පැවසූහ.

ඔහුව දකුණු කොල්කටා හි පෞද්ගලික රෝහලකට ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරු ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.

රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ ඔහුට ප්‍රතිකාර කිරීමට නොහැකිවීම කණගාටුදායක බව යැයි එරට වාර්තා පැවසීය.

සිනමාවට නැතිවම බැරි පසුබිම් ගායකයකු වූ කේ.කේ. හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත ගායනා කර ඇති අතර එම ගීතවලින් අතිවිශාල සංඛ්‍යාවක් අතිශය ජනප්‍රිය විය.

පහත දැක්වෙන්නේ ඔහු විසින් ගායනා කරන ලද ඉතාම ජනප්‍රිය වූ සිනමා පටවල පසුබිම් ගායන කිහිපයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here