තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඥානසාර හිමි ගැන නීතිපති පොලීසියට දුන් උපදෙස

    ඥානසාර හිමි ගැන නීතිපති පොලීසියට දුන් උපදෙස

    ශුද්ධ වූ කුරාණය පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශක් මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) යටතේ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා විසින් සංවිධානාත්මක අපරාධ හා අපරාධ නිවාරණ කොට්ඨායට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද දැනුම් දුන්නේය.

    මෙම අපහාසාත්මක ප්‍රකාශය උන්වහන්සේ විසින් කළේ යැයි සඳහන් වන්නේ 2014 වර්ෂයේ අප්‍රේල් 12 වෙනිදාය. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ හා අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භකර තිබුණි.

    ඊට අදාල උදෘත නීතිපතිවරයාට උපදෙස් සඳහා යොමුකර තිබුණු අතර නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට පොලීසිය කරුණු දක්වන්නේ ඊට අදාල නඩු කටයුත්ත අද පැවති අවස්ථාවේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img