පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට නායයාම් සහ ජලාශ ආශ්‍රිත ප්‍රදේශ ගණනාවකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මෙමලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
දිවයිනේ ප්‍රධාන ජලාශ ආශ්‍රිත ප්‍රදේශ රැසකට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ගංවතුර අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව කළු ගං නිම්නය ආශ්‍රිත පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇළපාත, පාලින්දනුවර, බුලත්සිංහල යන ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතී.
නිල්වලා ගඟ ආශ්‍රිතව පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇත්තේ පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර, දෙවිනුවර යන ප්‍රදේශවලට ය.
ස්වභාවික ආපදාවක් ඇති වුවහොත් හදිසි ඇමතුම් අංක 117 අමතා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ජනතාවට දන්වා සිටී.