තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික ගිණුම් හදන පදනම් වර්ෂය වෙනස් කෙරේ

    ජාතික ගිණුම් හදන පදනම් වර්ෂය වෙනස් කෙරේ

    ජාතික ගිණුම් පිළියෙල කිරීමේදී දැනට පදනම් කරගනු ලබන 2010 වර්ෂය වෙනුවට නව පදනම් වර්ෂය ලෙස 2015 වර්ෂය අදාල කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    ආර්ථිකයේ සැබෑ ව්‍යූහය නිවැරදිව හඳුනා ගැනීම, ආර්ථික වර්ධන වේගය පිළිබඳ අගයන් වඩාත් නිවැරදිව ඇස්තමේන්තු කිරීම, ජාතික ගිණුම් පිළිබඳ අදාළ ජාත්‍යන්තර ආයතන විසින් ඉදිරිපත් කර ඇති නව නිර්දේශ හා ක්‍රමවේදවලට අනුගත වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 05කට වරක් ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේ පදනම් වර්ෂය යාවත්කාලීන කරනු ලබයි.

    ඒ අනුව, ජාතික ගිණුම් පිළියෙල කිරීමේදී දැනට පදනම් කරගනු ලබන 2010 වර්ෂය වෙනුවට නව පදනම් වර්ෂය වශයෙන් 2015 වර්ෂය අදාළ කර ගැනීමට තීරණය කර ඇත.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2015 පදනම් වර්ෂය ලෙස යොදා ගනිමින් 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාර්තුගත සහ වාර්ෂික ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළියෙල කර තිබේ.

    එකී වාර්තා ප්‍රකාශයට පත් කිරීමටත්, 2022 පළමු කාර්තුවේ සිට ඉදිරියට 2015 නව පදනම් වර්ෂය යටතේ ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img