Home දේශීය පුවත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීම කොළඹ හතේ අවන්හල් ගැටුමක ප්‍රතිඵලයක් ද?

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීම කොළඹ හතේ අවන්හල් ගැටුමක ප්‍රතිඵලයක් ද?

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීම කොළඹ හතේ අවන්හල් ගැටුමක ප්‍රතිඵලයක් ද?

පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සංකීර්ණය ආසන්නයේදී අද දහවල් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ අධිකරණයේ ඔවුන්ට එරෙහිය පැවති නඩු කටයුත්තකට සහභාගිවී බස් රථයකට ගොඩවීමට සුදානමින් සිටි හිටපු කමාන්ඩෝ සෙබලු තිදෙනෙකුට බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ටී 56 අවියකින් තැබූ එම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලැබීය. තුන්වැන්නා වෙඩි ප්‍රහාරයෙන් ගැලවී තුවාලයක්වත් නොමැතිව දිවි ගලවාගෙන ඇතැයි පොලීසිය කියයි.

මොවුන් තිදෙනා කොළඹ 07 පිහිටි අවන්හලක කලක් සේවයකර ඇති බව පොලීසිය කියයි. වැටුප් නොගෙවීමක් සම්බන්ධයෙන් අවහන්හල් හිමිකරු සමඟ ඇතිවූ ආරවුලක් මත එහි පුටු මේස වලට පහරදී හානි කිරීමක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාගය වන බවත් එම නඩුවට සහභාගිවීමට පැමිණ නැවත යන අතර තුර මෙම වෙඩි ප්‍රහාරයට ඔවුන් ලක්ව ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අද දින පැවති නඩු වාරයට පැමිණිලිකාර අවහන්හල් හිමිකරු සහභාගිවී නැති බවද එම නිලධාරියා කීය.

මෙම පුද්ගලයින් තිදෙනා තමන්ට වැටුප් නොගෙවූ බවට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලිකර හිඟ වැටුප් ලබාගෙන ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණ කළ මෙම වෙඩි තැබීම කොන්ත්‍රාත්තුවක් අනුව සිදුවී ඇතැයි පෙනී යන බව පොලීසිය සැකකරයි. වෙඩික්කරුවන් හදුනාගැනීමටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here