ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමන් සමුගත්තේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තමන්ට පහර දුන් නිසා ද යන්නට සිය ට්විටර් ගිණුම ඔස්සේ කුමාර් සංගක්කාර ප්‍රතිචාර දක්වා තිබේ.
තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ මහින්ද රාජපක්ෂ පහර දුන් නිසා බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන කුමාර සංගක්කාර, අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන් තමන් පුදුමයට ලක්වන බවත් එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ප්‍රකාශ කර ඇත.
කුමාර් සංගක්කාර තබා ඇති ට්විටර් පණිවුඩය පහතින් දැක්වෙයි.
For all those who have asked and are wondering if the below story is true – it’s completely false. pic.twitter.com/9SzcEvfv41
— Kumar Sangakkara (@KumarSanga2) May 30, 2022