බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද සිට දින 14ක කාලයක් නිවාඩු ලබා ඇත.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අත්සනින් නිකුත්කර ඇති පොලිස් නියෝගයක දැක්වෙන්නේ ප්‍රජා පොලිස් හා පාරිසරික භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරිකරනු ලබන නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු අවසන් කර නැවත සේවයට වාර්තාකරන තෙන් බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත්කර ඇති බවය.
ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාව සැකකරුවෙක් ලෙස නම්කර තිබේ. විදෙස්ගමන් තහනමක්ද අධිකරණය ඔහුට පවරා ඇත.
සාක්ෂිකරුවන් රැසක්ම සිටින්නේ බස්නාහිර පළාතේ බැවින් සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇති නොවීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතාව බස්නාහිර පළාතෙන් වෙනත් ස්ථානයට මාරුකරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබුණි. එහෙත් එය මෙතෙක් ඉටුවී නැති අතර ඉකුත් සතියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඒ සම්බන්දයෙන් හේතු දක්වන්නට පොලිස්පතිවරයාව අධිකරණය හමුවටද කැදවනු ලැබීය. ඒ අනුව පොලිස්පතිවරයා අනිද්දා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.