තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෞද්ගලික පුනර්ජනනීය විදුලි බලාගාරවලට ලංවිමෙන් කෝටි 2300ක පොල්ලක්

    පෞද්ගලික පුනර්ජනනීය විදුලි බලාගාරවලට ලංවිමෙන් කෝටි 2300ක පොල්ලක්

    පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස 8ක් තිස්සේ ගෙවීම පැහැරහැර ඇතැයි වාර්තා වේ.

    කුඩා ජල විදුලි බලාගාර, සූර්ය තාප බලාගාර සහ සුළං බලාගාරවලින් ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන විදුලිය වෙනුවෙන් එලෙස ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීම් පැහැර හැරීම නිසා ඒවා වැසී යන තත්වයකට පත්වෙමින් තිබෙන බව ද දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සේවක එකමුතුව සඳහන් කරයි.

    ලංකා විදුලිබල මණ්ඩලය ණය ගෙවීම පැහැර හැරීම නිසා පෞද්ගලික පුනර්ජනනීය බලාගාරවල සේවය කරන සේවකයින් 7000කගේ පමණ රැකියා අනතුරේ වැටෙමින් තිබෙන බව ද එම සංවිධානයේ සභාපති රුවන් ප්‍රසංඛ මහතා පැවසීය.

    පුනර්ජනනීය බලාගාරවලින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 718ක් ලබාදීමේ හැකියාව පවතින බවද ප්‍රසංක මහතා කීය.

    එම නිසා පුනර්ජනනීය බලශක්ති ආරක්ෂා කර ගැනීමට මෙම ණය මුදල වහාම ලබා දී ඒවායේ විදුලි ජනන කටයුතු ශක්තිමත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියා ක්‍රියාකල යුතු බවද ඔහු සඳහන් කළේය.

    මෙලෙස රුපියල් කෝටි ගණනක් මාස අටක් තිස්සේ නොගෙවා පැහැර හැරීම දේශීය බලශක්ති ක්ෂේත්‍රය අඩපණ කිරීමට දැරූ කූඨ උපක්‍රමයකැයිද සැකකරන බව රුවන් ප්‍රසංක මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img