තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ උදව්වට මූලිකත්වය ගන්න ජපානය - ඉන්දියාව එකඟයි

    ශ්‍රී ලංකාවේ උදව්වට මූලිකත්වය ගන්න ජපානය – ඉන්දියාව එකඟයි

    ශ්‍රී ලංකාවේ අර්බුදය සමනය කරගැනීමට සහය වීම සඳහා විදේශාධාර සංසදයක් පිහිටුවීම වෙනුවෙන් මූලිකත්වය ගන්නැයි කරන ලද ඉල්ලීමට ඉන්දියාව සහ ජපානය ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ.

    ඒ සම්බන්ධයෙන් තමා කෘතඥ වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    විදේශාධාර සංසදයක් පිහිටුවීම සඳහා මූලිකත්වය ගැනීමට අගමැතිවරයා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට සිව් සාමාජික එකමුතුවක් සඳහා යෝජනා කර තිබුණි.

    ඉන්දියාවේ මුදල් අමාත්‍ය සීතා රාමන් මහත්මිය සමඟ අද පැවති සංවාදයේදී වත්මන් දුෂ්කර කාලපරිච්ඡේදය තුළ ඉන්දියාව ලබාදුන් සහයෝගය පිළිබඳව අගමැතිවරයා රට වෙනුවෙන් ප්‍රසාදය පළ කර ඇති අතර ඉන්දු – ලංකා ජාතීන් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද පවසා ඇත.

    මේ අතර ශ්‍රී ලංකා රුපියල් මිලියන 260ක් වටිනා ටොන් 25කට වඩා බරැති වෛද්‍ය සැපයුම් තොගයක් අද දින කොළඹ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙරට සිටින ඉන්දීය මහකොමසාරිසස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා විසින් භාරදී තිබේ.

    INS ඝාරියල් නෞකාවෙන් දිවයිනට ළඟා වූ මෙම මානුෂීය ආධාර තොගයට ශ්‍රී ලාංකික ධීවරයන්ගේ පරිහරණය සඳහා වන භූමිතෙල් තොගයක් ද ඇතුළත් විය.

    මෙම ආධාර තොගය ඉදිරි දිනවලදී ප්‍රතිලාභීන් අතර බෙදා දෙනු ඇති බවත් ඉන්දියාව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තවදුරටත් කැපවෙමින් සිටින බවත් ඉන්දීය මහකොමසාරිිස් කාර්යාලය පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img