Home දේශීය පුවත් දේශපාලනය පොළොන්නරු හාල් මෝල් නාඩගමෙන් කීරි සම්බා 125යි. පොහොර මිටිය 1600යි <br>– හිටපු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න

පොළොන්නරු හාල් මෝල් නාඩගමෙන් කීරි සම්බා 125යි. පොහොර මිටිය 1600යි
– හිටපු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න

පොළොන්නරු හාල් මෝල් නාඩගමෙන් කීරි සම්බා 125යි. පොහොර මිටිය 1600යි <br>– හිටපු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න

පොළොන්නරුවේ හාල් මෝල් නාගඩම ඉවරවෙන කොට කීරී සම්බා 125 යි. අද දඹුල්ලේ පොහොර මිටිය 1600 වෙලා මාතලේ හිටපු මන්ත්‍රීනි සමගි ජනබලවේගයේ අපේක්ෂිකා රෝහිණී කවිරත්න පැවසුවාය.

පාරිභෝගිකයා බේරා ගන්න කියලා ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය සංදර්ශනයක් තියලා හාල් රු. 98 ඉදන් 90 ට අඩු කරා කියලා බෝඩ් ගැහුවා. කොයි කඩේ ද නාඩු හාල් රු. 90 ට වික්කේ? යැයි කවිරත්න මහත්මිය ප්‍රශ්න කළාය.

හාල් මිල අඩු කරාම වී මිල අඩු වෙනවා. මේක තේරුම්ගන්න මොළය කළදක් තිබුණේ නැති ආණ්ඩුව වී ටොන් 50,000 ක් අරගෙන හමුදාව දාලා මාස 9 ක් කන්න හාල් තියෙනවා කිව්වා. වී ටොන් 50,000 කින් රටට කන්ඩ හාල් දෙන්න පුළුවන් දවස් 8 කටයි කියලා නොදන්න තකතීරු ආණ්ඩුවක්. ආණ්ඩුවේ මේ මාධ්‍ය සංදර්ශනවලට රැවටෙන්නේ රාජපක්ෂ වහල්ලු විතරයි‘

මේක බත් කන ආණ්ඩුවක් නෙවෙයි, ජනතාවට පුන්නක්කු කවන ආණ්ඩුවක්. ලංකා ඉතිහාසයේ පළමුවරට හාල් වර්ග 5 ක මිල එක හා සමාන කරලා රු. 90 කට උපරිම සිල්ලර මිලක් නියම කලා. නාඩු, සම්බා, කීරී සම්බා, රතු කැකුළු, සුදු කැකුළු හාල් මිල එකිනෙකට වෙනස් කියලා මේ මහ පොළොවේ පය ගහලා ඉන්න ඕනම කෙනෙක් දන්නවා. සති දෙකයි මේ බොරුව කළේ. දැන් ආණ්ඩුව හොම්බෙන් ගිහින් මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල් මිල වැඩි කලා. රටේ සම්බා, කීරී සම්බා හාල් හිගයක් තියෙනවා. රටේ ගොවියාගේ වී ටික තුට්ටු දෙකට අරගෙන ගොවියා විනාශවුනාට පස්සේ දැන් හාල් පිටරටින් ගෙන්නන්න හදනවා. යැයි කවිරත්න මහත්මිය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here