මුල් පිටුව උණුසුම් පුවත් මිලර්ගේ හයේ පහර තුනෙන් ගුජරාට් ටයිටන්ස් IPL අවසන් තරගයට

මිලර්ගේ හයේ පහර තුනෙන් ගුජරාට් ටයිටන්ස් IPL අවසන් තරගයට

0

ප්‍රභල රාජස්ථාන් රෝයල් පිළ කඩුලු හතකින් පරාජය කළ ගුජරාට් ටයිටන්ස් පිළ මෙවර ඉන්දයීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල් පිළ නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේය. බට්ලර්ගේ අගනා ලකුණු 89 සහ සැම්සන්ගේ ලකුණු 47 රාජස්ථාන් රෝයල් පිළ ප්‍රභල තැනකට පත් කළේය.

ලකුණු 188ක ඉලක්කය හඹා ගිය ගුජරාට් ටයිටන්ස් පිළ කඩුලු තුනක් දැවී පන්දුවාර 19ක දී ලකුණු 173ක් ලබා සිටියේය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ගුජරාට් ටයිටන්ස් පිළට අවසන් පන්දුවාරයේ ලබාගත යුතුව තිබු ලකුණු සංඛ්‍යාව 16කි.

හර්දික් පාණ්ඩේ සහ ඩේව්ඩ් මිලර් ඒ වනවිට අගනා ලකුණු 90වක සබඳතාවක් ගොඩනගා තිබිණි. ඩේවිඩ් මිලර් ප්‍රසීද් ක්‍රිෂ්ණාගේ අවසන් පන්දුවාරයට මුහුණ දෙමින් පළමු පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළ අතර එතැනින් නොනැවතුණු මිලර් දෙවැනි හා තෙවැනි පන්දුවලට ද දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් පිට පිට හයේ පහර තුනකින් තරගය නිමාවට පත් කළේය.

2016 වසරේ විස්සයි විස්ස ලෝක ශූරතාව දිනා ගැනීමට බටහිර ඉන්දයීය කොදෙව් කණ්ඩායමේ කාලෝස් බ්‍රත්වෙට් අවසන් පන්දුවාරයේ පිට පිට එල්ල කළ හයේ පහර හතර සිහිගැන්වීමට ඩේවිඩ් මිලර් මෙම තරගයේ දී සමත් විය.

ගුජරාට් ටයිටන්ස් 191/3 (19.3) (මිලර් 68* හර්දික් 40*)

රාජස්ථාන් රෝයල්ස් 188 /6 (20) (බට්ලර් 89, සැම්සන් 47, හර්දික් 1-14)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version