Home උණුසුම් පුවත් ඉදිරියේ දී බහුතරයකට රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක්

ඉදිරියේ දී බහුතරයකට රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක්

ඉදිරියේ දී බහුතරයකට රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක්

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේ දී බහුතරයකට රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ බොහෝ පිරිසක් දරිද්‍රතා රේඛාවට පහළින්ඉතා දිළිඳු මට්ටමට ලක්වීමේ අවදානමක් මතුව ඇතැයි ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

‘ලංකාවේ ආර්ථිකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා’ මැයෙන් කොළඹ දී ඊයේ පස්වරුවේ පැවති විශේෂ දේශනයකට සහභාගී වෙමින් මහබැංකු අධිපතිවරයා එසේ පැවසීය.

රට ලබන වසරේ දී යථාතත්ත්වයට පත්කර ගැනීමට උත්සාහ ගන්නා නමුත් එම තත්වය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයක් නොවනු ඇතැයි ද ඔහු සදහන් කළේය.

රටේ ආර්ථිකය යළි ස්ථාවර කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විශේෂ සංචිත දැනට ප්‍රමාණවත්ව ඇත්තේ සතියකට සෑහෙන තරම් ආනයන ලබාගැනීමට බවද එම නිසා තත්ත්වය තවත් බරපතළ බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here