තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සා/පෙළ සිසුන් වෙනුවෙන් අනිද්දා සිට රෑට විදුලිය කැපෙන්නෙ නෑ

    සා/පෙළ සිසුන් වෙනුවෙන් අනිද්දා සිට රෑට විදුලිය කැපෙන්නෙ නෑ

    අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් සහනයක් වන පරිදි සකස් කළ විදුලි කප්පාදු කාල සටහන මේ වනවිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව මැයි 22 සිට ජුනි 01 දක්වා පස්වරු 6.30න් පසු විදුලිය කප්පාදු කිරීම තාවකාලිකව නවතා දමා ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මෙසේය. ඊට අදාළ කාලසටහන ද මෙම නිවේදනය අවසානයයේ දක්වා ඇත.

    අ.පො.ස. සා/පෙ විභාගය සදහා පහසුකම් සැලසීම සදහා මැයි 22 සිට ජුනි 1 දක්වා විදුලිය කප්පාදු කාල සටහන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව මැයි 22 සහ මැයි 29 ව ඉරිදා දිනයන්හිද විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ.

    මැයි 22 සිට ජුනි 1 දක්වා අනෙකුත් දිනයන්හිදි පස්වරු 6.30 න් පසුව ද විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ. එම දිනයන්හිදි විභාගය නොපැවත්වෙන මධ්‍යහ්න 12 සිට පස්වරු 6.30 දක්වා කාලය තුලදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සදහා පැය1 විනාඩි 45 සිට පැය 2 විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු වේ.

    කාර්මික කලාප සදහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා ද කොළඹ වාණිජ නගර කලාපය සදහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා දෙදනිකව පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ. මේ පිළිබද විස්තර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවිය. ෆේස්බුක් පිටුව හා ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුවෙහි පල කර ඇත.

    ජනක රත්නායක
    සභාපති
    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

    මැයි 22 සිට ජුනි 01 දා දක්වා විදුලි කප්පාදුවට අදාළ කාල සටහන පහත දැක්වේ.

    Demand Managmet Schedule-23rd May to 01st of June_OL Exam Period
    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img