Home උණුසුම් පුවත් සාපෙළ විභාග රාජකාරියේ යන අයට පෝලිම් නැතුව ඉන්ධන ගන්න වෙලාවක්

සාපෙළ විභාග රාජකාරියේ යන අයට පෝලිම් නැතුව ඉන්ධන ගන්න වෙලාවක්

සාපෙළ විභාග රාජකාරියේ යන අයට පෝලිම් නැතුව ඉන්ධන ගන්න වෙලාවක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරිවලින් කටයුතු සඳහා කැඳවීම් ලැබී ඇති නිළධාරින්ට ඉන්ධන ලබාගැනීමට ලබන ඉරිදා පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රමුඛතාව ලබාදෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් රුවන් හරිස්චන්ද්‍ර මහතා පවසයි.

එවැනි නිලධාරින් තමන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් විභාග රාජකාරි පත්වීම් ලිපිය හා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ඉන්ධන ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මගින් සියලුම ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් රුවන් හරිස්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here