Home දේශීය පුවත් අතුකෝරාල මන්ත්‍රීවරයා සහ පොලිස් ආරක්ෂකයා මැරූ ප්‍රධානියා අල්ලයි

අතුකෝරාල මන්ත්‍රීවරයා සහ පොලිස් ආරක්ෂකයා මැරූ ප්‍රධානියා අල්ලයි

පොළොන්නරුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුවේ පදිංචිකරුවෙක් වන එම සැකකරු 29 වියේ පසුවන බස් රථ රියදුරෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයන් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ එක් සැකකරුවෙක් සතුව තිබී ආරක්ෂක නිලධාරියා සතුව තිබී පැහැරගත් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ගිනි අවියද සොයාගෙන තිබුණි. එම සැකකරු එළවළු වෙළෙන්දෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here