Home උණුසුම් පුවත් දේශබන්දුට ලොකු තනතුරක්

දේශබන්දුට ලොකු තනතුරක්

දේශබන්දුට ලොකු තනතුරක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියමිතව ඇත.

පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් මේ වන විටත් ලැබී ඇති බවය.

ඒ අනුව අමාත්‍යවරයා සහ පොලීසිය අතර ඉදිරියේදී බොහෝ විට සම්බන්ධතා සිදුවනු ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා හරහා බව විශ්වාස කළ හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here