යුරෝපා සංගමය යනු ලොව විශාලතම නිවර්තන වනාන්තර විනාශය සිදුකරන ආනයකරුවකු බව ලෝක වනජීවි අරමුදල (WWF) චෝදනා කරයි.
යුරෝපා සංගමය කාබන් විමෝචනය අතින් දෙවැනි වන්නේ ද චීනයට පමණක් බවද එම අරමුදලේ නවතම වාර්තාවක් සඳහන් කරයි.
එමගින් තවදුරටත් හෙළි වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන නිවර්තන වනාන්තර විනාශයෙන් සියයට 16 ක් 2017 දී යුරෝපා සංගම් ආනයන සමඟ සම්බන්ධ බවයි. එය හෙක්ටයාර 203,000 ක් සහ ටොන් මිලියන 116 ක කාබන්ඩයොක්සයිඩ් යුරෝපා සංගම් රටවලට ආනයනය කරන නිෂ්පාදන හා වෙළඳ භාණ්ඩ නිසා ඇතිවූ බව එම වාර්තාවේ දැක්වේ.
යුරෝපා සංගමයේ ආනයන නිසා 2015 සහ 2017 අතර සිදුවූ වනාන්තර විනාශයෙන් සියයට 80 කට ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය ඇතුළු විශාලතම ආර්ථිකයන් ඇති රටවල් අටක් එක්ව වගකිව යුතු බව එම වාර්තාවේ දැක්වේ.
මෙම වසන්තයේ වන විනාශය මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදනය සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට යුරෝපා කොමිසම සූදානම් වේ. WWF පවසන්නේ යුරෝපා සංගමයේ ගෝලීය පාරිසරික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් හා ඵලදායී නීති සඳහා හදිසි අවශ්‍යතාව මෙම වාර්තාව මගින් අවධාරණය කරන බවයි.
සොබාදහම විනාශ කිරීමට දායක වූ ඕනෑම නිෂ්පාදනයක් ‘නීත්‍යානුකූලව’ හෝ නීති විරෝධී ලෙස යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වීම වැළැක්විය යුතු බව ද එහි සඳහන් වේ.