Home උණුසුම් පුවත් මහ කොමසාරිස් මොරගොඩ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි

මහ කොමසාරිස් මොරගොඩ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි

මහ කොමසාරිස් මොරගොඩ ඉන්දීය ජාතික ආරක්ෂක  උපදේශක හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහත්වරුන් අද (19) පස්වරුවේ නවදිල්ලියේ දී හමුවී ඇත.

මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය සමාලෝචනය කළ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව් ආර්ථීක හා සමාජ ව්‍යුහය ගැන මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇති අතර ඉන්දියාවෙන් ඉදිරියේ දී අපේක්ෂා කරන ප්‍රමුඛතා ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමු කර ඇත. එම ස්වභාවය කළමනාකරණය කිරීම සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව මහ කොමසාරිස්වරයා ජාතික ආරක්ෂක උපදේශකවරයාට ස්තුතිය පළ කළේය.

පවතින දුෂ්කර කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති තැනකට යොමු කරගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම ඉදිරියේ ඉන්දියාවේන් ලබා දිය හැකි අනුබලය පිලිබඳව ද මෙහි දී කරුණු සාකච්ඡා කර ඇත.

ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් මහතා ඒ සම්බන්ධයෙන් එකඟත්වය පළ කරන ලද බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක වික්‍රම් මිස්‍රි සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහත්වරු ද මෙම හමුවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here