Home උණුසුම් පුවත් හෙට පාසල් නිවාඩුයි- පළමු පාසල් වාරය අදින් අවසන්

හෙට පාසල් නිවාඩුයි- පළමු පාසල් වාරය අදින් අවසන්

හෙට පාසල් නිවාඩුයි- පළමු පාසල් වාරය අදින්  අවසන්

දෙදහස් විසි දෙක පළමු පාසල් වාරයේ පළමු අදියර අද (19) දිනයෙන් අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙයට පෙර හෙට (20) දින පාසල් පවත්වා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් කිරීමට නියමිතව තිබුණ ද රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කොට ඇත. 2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දෙවන අදියරට සියලුම පාසල් ජුනි මස 06 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here