අංජනා මල්ලවආරච්චි
ආණ්ඩුව මගින් තහනම් කරන ලද මුස්ලිම් සංවිධාන 11කට උදව් උපකාර කරන සහ ඒවායේ ක්‍රියාත්මක වැඩසටහන්වලට සහභාගී වන පුද්ගලයින්ට විරුද්ධව කොළඹ මහාධිකරණය මගින් විමසනු ලබන නඩුවක දී වරදකරුවකු වූවහොත් ඔහුට වසර 20කට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමකට යටත් විය යුතුය.
මීට අමතරව එම සංවිධානවල තහනම් සංවිධාන ක්‍රියාකාරකම්වලට අනුබල දීමට වරදකරු වන පුද්ගලයකුට වසර 10ක බන්ධනාගාරගත කිරිමේ දඬුවම් හිමි වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධානය 11ක් තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සඳහන් වේ.