පෝලිම්වල රැදී සිටියත් අදත් හෙටත් පෙට්‍රල් ලබාදීමට හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේද සඳහන් කළේය.
මේ වන විට රටේ පෙට්‍රල් තොග නොමැති බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
අමාත්‍යවරයා පවසන්නේ පෙට්‍රල් බෙදාහැරීම ලබන සිකුරාදා ආරම්භ කළත් ඉන්ධන පිරිවුම්හල් තුළින් ඒවා නිකුත් කිරීමටද දින තුනක් පමණ ගතවනු හැකි බවයි.
එබැවින් පෙට්‍රල් අපේක්ෂාවෙන් ඉන්ධන පිරිවුම් අසල පෝල්ම් වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක්ද කරයි.
එහෙත් ඩීසල් සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරි සති කිහිපයක් සඳහා අඛණ්ඩව සැපයුමට ප්‍රමාණවත් ඩීසල් ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ පවතින ඉන්ධන පිරවුම්හල් 130න් ඉන්ධන පිිරවුම්හල් 1190 කටම ඊයේ දිනයේ ඩීසල් සැපයීමට හැකිවූ බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කරනු ලැබුවේ මෙරට වර්ථමානයේ ඉන්ධන සංචිත පිළිබද තොරතුරු හෙළිකරමිනි.