පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ඉන්ධන පිරවුම් හලින් ඉන්ධන ලබාගැනීමට පොලිස් මූලස්ථානය අවස්ථාවක් ලබාදී තිබේ.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ ඒ බව ලිඛිතව දැනුම් දී ඇතැයි පොලිස් තොරතුරු සඳහහන් කළේය.
රටේ මේ වන විට පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන තාවකාලිකව මෙම පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඉන්ධන ලබාගන්නා අවස්ථාවේදී මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා වාහනයේ රැදී සිටිය යුතු බවත් ඉන්ධන ලබාදෙන්නේ අත්පිට මුදලට බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.